සිංහල බැඳී අක්ෂර සහ ස්පර්ශක අක්ෂර
සිංහල බැඳී අක්ෂර සහ ස්පර්ශක අක්ෂර
හර්ෂ විජයවර්ධන B.Sc. (Miami), CITP (UK), FBCS (UK)
ලංකා වසම් අධිකාරියේ සහයෝගිත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි
හැදින්වීම
උතුරු සහ දකුණු ඉන්දියානු ලිවීමේ සම්ප්‍රදායට අනුව, ස්වර වෙනස් කිරීම් නොමැති ව්යාංජනාක්ෂර දෙකක් ඒකාබද්ධ වී තනි හැඩතලයක් සාදයි. එය සංයුක්ත අකුරු සංයෝගයක් හෝ හුදෙක් සංයුක්තයක් ලෙස හැඳින්වෙයි. මෙම සංයෝජනය සැදීමේදී, දෙවන ව්යාංජනාක්ෂරයට පෙර ඇති ව්යාංජනාක්ෂරය සිංහල භාෂාවෙහි හලන්ත හෝ විරාම හෝ හල් කිරීම සමඟ තිබිය යුතුය. නුතන සිංහල ලේඛනයට අනුව, බැඳී අක්ෂර බහුලව භාවිතා නොවෙයි. එහිදී දෙවන අක්ෂරයට පෙර ඇති අක්ෂරයට විරාම හෝ හල් කිරීම එකතු කරයි. උදාහරණයක් ලෙස “KSHA” ලියා ඇත්තේ “ක්ෂ” ලෙස වන අතර “ක්ෂ” යන සංයුක්ත(බැඳී) ස්වරූපයෙන් නොවේ. පුස්කොල පොත් වල, සංයුක්ත ස්වරූපය සාමාන්‍ය ස්වරූපය ලෙස භාවිතා වූ අතර නිදහස ලැබීමට පෙර මුද්‍රිත පොත්ද, පොදු ස්වරූපය ලෙස සංයුක්ත අක්ෂර(බැඳී අක්ෂර) භාවිතා කරන ලදී. පසුව හැටේ දශකයේ අග භාගයේදී සංයුක්ත නොවන ස්වරූපය සුපුරුදු ස්වරූපය බවට පත් කරමින් නව පත්‍රිකා වලින් සංයුක්ත අක්ෂර ඉවත් විය.
පාලි ලියා ඇත්තේ සිංහල අක්ෂර භාවිතා කරමින් වන අතර, එහිදී සම්ප්රදායක් ලෙස හලන්ත හෝ හල් කිරීම භාවිතා නොවෙයි. ස්වර වෙනස් කිරීම් නොමැතිව ව්යාංජනාක්ෂර දෙකක් ලියූ විට සංයුක්ත ආකාරයක් හෝ ස්පර්ශක ස්වරූපයක් ලෙස ක්‍රියාත්මක වෙයි. සමහර වචන විවිධ ආකාර තුනකින් ලිවිය හැකිය. එනම්, වර්තමාන සම්මත ස්වරූපය විරාම සමඟ වෙනස් අක්ෂර දෙකකින් හෝ, නැතහොත් සංයුක්ත ස්වරූපයක් ලෙස හෝ ස්පර්ශක ස්වරූපයක් ලෙසයි. උදාහරණයක් ලෙස “බුද්ධ” තවත් ආකාර දෙකක් ලෙස ලිවිය හැකිය. එනම් අවසාන අක්ෂර දෙකෙහි සංයුක්ත ස්වරූපය හෝ ස්පර්ශක ස්වරූපය ලෙසිනි. උදාහරණයක් ලෙස “බුද්ධ” වචනයෙහි අවසාන අකුරු දෙක විරාම හෝ හල් කිරීම මඟින් “බුදධ” හෝ“බුද්ධ”ලෙස ලිවිය හැකිය.
ඇතැම් සංයෝජනයන්හිදී, ව්යාංජනාක්ෂර දෙකක් “DHA” වැනි සම්පූර්ණයෙන්ම වෙනස් තනි හැඩතලයක් සාදයි. එම හැඩතල බොහොමයක් සිංහල අක්ෂර මාලාවේ වඩාත්ම පියකරු හැඩතල ලෙස පවතියි. පෙර ලිපි වලදී වැඩි වශයෙන් භාවිතා වන සංයුක්ත සහ ස්පර්ශක අක්ෂර යතුරු ලියනය කරන ආකාරය දැක්වූ අතර, අද මෙම ලිපියෙන් එලෙස හඳුන්වා නොදුන් අක්ෂරයන් ඉදිරිපත් කරයි.
මෙවැනි බැඳී අක්ෂර උදාහරණ කිහිපයක් පහතින් දක්වා ඇත.
- “බුද්ධ”, “ද්විතීය” , “ද්වාර” වැනි වචන බැඳී අක්ෂර භාවිතයෙන් ලියන ආකාර – රූපය 01