Local Language Technical Help Centre

හඳුනාගත් ගැටළු සහ විසඳුම්

දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය විසින් දැනට හඳුනාගෙන ඇති ගැටළු සහ ඒවාට ලබා දී ඇති විසඳුම් මෙයට ඇතුළත් වේ.
  • MS Office පැකේජ - 2016, 2013 සහ 2019
  • සිංහල අකුරු පරිගණකයෙහි ස්ථාපනය කිරීම
  • සිංහල බැඳි අකුරු, ස්පර්ශ අකුරු සහ සඤ්ඤක අකුරු
  • MS Office සහ Web Browsers තුලදී විවිධ වචන වල සිංහල "ර්" අක්ෂරය මාරු වීමේ ගැටලුව
  • සිංහල යතුරුපුවරුවේ සිංහල අකුර " ඒ" යතුරු ලියනය කිරීමේ ගැටලුව
  • ෆේස්බුක් හි සිංහල වචන වල රකාරංශය යන්සය සහ රේපය ඩෙස්ක්ටොප් පරිගණකයෙහි නිසි ලෙස නොපෙන්වයි

  • MS Office 2016 පැකේජය - ප්‍රශ්න
  • MS Office 2013 පැකේජය - ප්‍රශ්න

වින්ඩෝස් 10 හි Iskoola Pota නිසි ලෙස ක්‍රියා නොකරයි. MS Word 2016 හි "වර්ෂ" යන වචනය "වෂර්" ලෙස යතුරු ලියනය වෙයි.

පළමුව Windows 10 හි සිංහල ස්ථාපනය වී ඇතිදැයි පරීක්ෂා කරන්න.
ඉන්පසුව "වර්ෂ" වචනය නෝට්පෑඩ්(notepad) හි නිවැරදිව යතුරු ලියනය කළ හැකිදැයි බලන්න.
ඔබට මෙම වචනය නෝට්පෑඩ්හි නිවැරදිව යතුරු ලියනය කළ හැකි නම්, ඔබ ඔබේ MS Word 2016 පැකේජය යාවත්කාලීන කළ යුතුයි.

ඇතැම් සිංහල වචන වින්ඩෝස් 10 හි Iskoola pota සහ , Word 2016 භාවිතා කර නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකිය.

පළමුව එම වචන නිවැරදිව notepad හි යතුරු ලියනය කල හැකිදැයි බලන්න.
Notepad හි ඔබට නිවැරදිව යතුරු ලියනය කළ හැකි නම්, ඔබේ Office 2016 යාවත්කාලීන කරන්න. නැතිනම් නවතම Office පැකේජය පරිගණකය තුල ස්ථාපනය කරන්න.
තවද, සිංහල දෙමළ IME කට්ටලය පරිගණකය තුල ස්ථාපනය කරන්න.

MS Office 2016 සහ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරමින් Iskoola Pota සමඟින්, 'ර්' සමඟ වචන යතුරු ලියනය කිරීමට නොහැකියි. මෙහිදී ඊළඟ අකුර ඉදිරියට ගොස් වචනය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස 'වර්ග' ලෙස යතුරු ලියනය කළහොත් එය 'වගර්' ලෙස වෙනස් වනු ඇත. එනම් 'ර්' සමග ඇති අකුර ස්වයංක්‍රීයව වෙනස් වෙයි. නමුත් Iskkola Pota අනෙකුත් සියලුම පැරණි වින්ඩෝස් අනුවාදයන් සමඟ හොඳින් ක්‍රියා කරයි.

ඉහත සඳහන් කළ පරිදි, Office 2016 හි පෙර අනුවාදවල යම් යම් වචනවල අකුරු මාරු වීමේ ගැටලුවක් ඇත.
මෙම ගැටලුව මඟහරවා ගැනීම සඳහා ඔබට Office 2016 හි පසු අනුවාදයකට යාවත්කාලීන කිරීමට හෝ Office 2019 වෙත යාවත්කාලීන කිරීම හෝ නවතම MS Office පැකේජය ස්ථාපනය කිරීමට සිදුවේ. Office 2019 පැකේජය තුළ මෙම ගැටළුව ඇති නොවේ.
විසඳුමක් ලෙස ඔබට මෙය උත්සාහ කළ හැකිය: මෙම වචන (වර්ග, දෙපාර්තමේන්තුව) නෝට්පෑඩයේ(notepad) යතුරු ලියනය කර නැවත Word තුල paste  කරන්න(copy and paste).

Word 2013 හි වචන යතුරු ලියනය කිරීමේදී "ර් " අක්ෂරය සමග ඇති වචනවල අකුරු වෙනස් වේ. උදාහරණයක් ලෙස දෙපාර්තමේන්තුව, වාර්තාව වැනි වචන නිවැරදිව ටයිප් කළ නොහැක.

Office පැකේජය 2016 නවතම අනුවාදයට හෝ Office 2019 වෙත යාවත්කාලීන කරන්න.

මෙයට විසඳුමක් ලෙස ඔබට notepad හෝ google input tool හි  අදාළ වචනය/වචන යතුරු ලියනය කර එය Word වෙත පිටපත් කළ හැක.(copy and paste)

Office 2013 පැකේජයේ සමඟ වින්ඩෝස් හි ඇතැම් සිංහල වචන යතුරු ලියනය කිරීමේ ගැටළු ඇති වෙයි. උදා: නිවර්තන - නිර්වතන, වාර්තා- වාතර් ලෙස යතුරු ලියනය වෙයි.

MS Office පැකේජය 2016 හි නවතම අනුවාදයට හෝ Office පැකේජය වර්තමාන නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. එවිට මෙම වචන නවතම කාර්යාල අනුවාදවල නිවැරදිව යතුරු ලියනය කළ හැක.

Iskoola Pota සහ office 2013 භාවිතා කරමින් වින්ඩෝස් 10 හි කොම්බුව සහ හල්කිරීම එකට යතුරු ලියනය කළ නොහැක. මෙය විසඳන්නේ කෙසේද?

මුලින්ම ඔබට මෙම අක්ෂර නෝට්පෑඩ්(notepad) සමඟ නිවැරදිව ටයිප් කළ හැකිද යන්න පරීක්ෂා කර බලන්න.
එහිදී ඔබට එම වචන නිවැරදිව ටයිප් කළ හැකි නම්, Office පැකේජය එහි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න.
තවද, සිංහල දෙමළ IME කට්ටලය පරිගණකය තුල ස්ථාපනය කරන්න.

වින්ඩෝස් 10 වල ඇතැම් සිංහල වචන නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකියි. උදාහරණයක් ලෙස MS PowerPoint 2013 හි Iskoola Pota භාවිතා කර "වාර්ථාව" ලෙස යතුරු ලියනය කිරීමේදී එය "වාථාර්ව" ලෙස වෙනස් වෙයි.

මුලින්ම ඔබට මෙම අක්ෂර නෝට්පෑඩ්(notepad) සමඟ නිවැරදිව යතුරු ලියනය කළ හැකිද යන්න පරීක්ෂා කර බලන්න.
එහිදී ඔබට එම වචන නිවැරදිව යතුරු ලියනය කළ හැකි නම්, Office පැකේජය එහි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. Office 2013 පැකේජයේ මෙවැනි වචන යතුරු ලියනය කිරීමේදී යම් යම් ගැටළු ඇතිවන බැවින් එලෙස යාවත්කාලීන කිරීම සිදු කරන්න .

වින්ඩෝස් 10 හි ඇතැම් සිංහල වචන Excel 2013 සමඟ යතුරු ලියනය කිරීමේ ගැටළු ඇති වෙයි. උදාහරණයක් ලෙස "පාර්ලිමේන්තුව" වචනය නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකිය. ඒ සමග කඩ ඉරි සහිත වෙනත් සලකුණක්ද යතුරු ලියනය වෙයි.

Word 2013 හි ඇතැම් වචන "ර්" අක්ෂරය සමග යතුරු ලියනය කිරීමේදී නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකිය. උදාහරණයක් ලෙස "වර්ණ", "වර්ගය" වැනි වචන වල අක්ෂර වෙනස් වේ. මෙම ගැටලුව විසඳන්නේ කෙසේද?

Office පැකේජය Office 2019 වෙත හෝ එහි නවතම අනුවාදයට යාවත්කාලීන කිරීමෙන් ඔබට මෙම ගැටළුව විසඳා ගත හැක.
මෙයට විසඳුමක් ලෙස ඔබට වචන යතුරු ලියනය කිරීමට Google ආදාන මෙවලම් භාවිතා කර, එය නැවත Word වෙත පිටපත් කිරීමට කළ හැක.

  • සිංහල අකුරු පරිගණකයෙහි ස්ථාපනය කිරීම - ප්‍රශ්න

වින්ඩෝස් 7 හි සිංහල ස්ථාපනය කරන්නේ කෙසේද?

වින්ඩෝස් 7 හි සිංහල සැකසීමට අවශ්‍ය සියලුම පියවර මෙම වීඩියෝවට ඇතුලත් වේ. 

සිංහල යතුරු ලියනය කිරීමට අදාල වෙනත් වීඩියෝ නැරඹීම සඳහා මෙම පිටුවට යන්න - මෙම සබැඳිය මත ක්ලික් කරන්න

  • සිංහල බැඳි අකුරු - ප්‍රශ්න
  • සිංහල ස්පර්ශ අකුරු - ප්‍රශ්න
  • සිංහල සඤ්ඤක අකුරු - ප්‍රශ්න

Office 2007 සහ Iskoola Pota භාවිතයෙන් "ක්‍ෂය" වචනය යතුරු ලියනය කිරීමේදී "ක්‍ෂ" වැනි සිංහල සංයුක්ත අකුරු යතුරු ලියනය කරන්නේ කෙසේද?

බැඳී අකුරු ලිවීමට මෙම වීඩියෝවේ ඇති පියවර අනුගමනය කරන්න. 

සිංහල යතුරු ලියනය කිරීම පිළිබඳ තවත් වීඩියෝ සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:

https://helpcentre.lk/si//

සිංහල ස්පර්ශක අකුරු යතුරු ලියනය කරන්නේ කෙසේද? ස්පර්ශක අකුරු යතුරු ලියනය කිරීමට භාවිත කරන ෆොන්ට් වර්ග මොනවාද?

ස්පර්ශක අකුරු ලිවීමට මෙම වීඩියෝව අනුගමනය කරන්න. 

සිංහල යතුරු ලියනය කිරීම පිළිබඳ තවත් වීඩියෝ සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

  සිංහල ස්පර්ශක අකුරු යතුරු ලියනය කිරීම සඳහා, BhashitaComplex ෆොන්ට් (භාෂිත ෆොන්ට් පවුලෙන්) භාවිතා කල හැකියි. එම ෆොන්ට් භාගත කර ස්ථාපනය කිරීමට පහත සබැඳිය භාවිතා කරන්න. මෙම සබැඳිය මත ක්ලික් කරන්න.

Word 2013 හි වචන යතුරු ලියනය කිරීමේදී "ර් " අක්ෂරය සමග ඇති වචනවල අකුරු වෙනස් වේ. උදාහරණයක් ලෙස දෙපාර්තමේන්තුව, වාර්තාව වැනි වචන නිවැරදිව ටයිප් කළ නොහැක.

Office පැකේජය 2016 නවතම අනුවාදයට හෝ Office 2019 වෙත යාවත්කාලීන කරන්න.

මෙයට විසඳුමක් ලෙස ඔබට notepad හෝ google input tool හි  අදාළ වචනය/වචන යතුරු ලියනය කර එය Word වෙත පිටපත් කළ හැක.(copy and paste)

Office 2013 පැකේජයේ සමඟ වින්ඩෝස් හි ඇතැම් සිංහල වචන යතුරු ලියනය කිරීමේ ගැටළු ඇති වෙයි. උදා: නිවර්තන - නිර්වතන, වාර්තා- වාතර් ලෙස යතුරු ලියනය වෙයි.

MS Office පැකේජය 2016 හි නවතම අනුවාදයට හෝ Office පැකේජය වර්තමාන නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. එවිට මෙම වචන නවතම කාර්යාල අනුවාදවල නිවැරදිව යතුරු ලියනය කළ හැක.

Iskoola Pota සහ office 2013 භාවිතා කරමින් වින්ඩෝස් 10 හි කොම්බුව සහ හල්කිරීම එකට යතුරු ලියනය කළ නොහැක. මෙය විසඳන්නේ කෙසේද?

මුලින්ම ඔබට මෙම අක්ෂර නෝට්පෑඩ්(notepad) සමඟ නිවැරදිව ටයිප් කළ හැකිද යන්න පරීක්ෂා කර බලන්න.
එහිදී ඔබට එම වචන නිවැරදිව ටයිප් කළ හැකි නම්, Office පැකේජය එහි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න.
තවද, සිංහල දෙමළ IME කට්ටලය පරිගණකය තුල ස්ථාපනය කරන්න.

වින්ඩෝස් 10 වල ඇතැම් සිංහල වචන නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකියි. උදාහරණයක් ලෙස MS PowerPoint 2013 හි Iskoola Pota භාවිතා කර "වාර්ථාව" ලෙස යතුරු ලියනය කිරීමේදී එය "වාථාර්ව" ලෙස වෙනස් වෙයි.

මුලින්ම ඔබට මෙම අක්ෂර නෝට්පෑඩ්(notepad) සමඟ නිවැරදිව යතුරු ලියනය කළ හැකිද යන්න පරීක්ෂා කර බලන්න.
එහිදී ඔබට එම වචන නිවැරදිව යතුරු ලියනය කළ හැකි නම්, Office පැකේජය එහි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. Office 2013 පැකේජයේ මෙවැනි වචන යතුරු ලියනය කිරීමේදී යම් යම් ගැටළු ඇතිවන බැවින් එලෙස යාවත්කාලීන කිරීම සිදු කරන්න .

වින්ඩෝස් 10 හි ඇතැම් සිංහල වචන Excel 2013 සමඟ යතුරු ලියනය කිරීමේ ගැටළු ඇති වෙයි. උදාහරණයක් ලෙස "පාර්ලිමේන්තුව" වචනය නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකිය. ඒ සමග කඩ ඉරි සහිත වෙනත් සලකුණක්ද යතුරු ලියනය වෙයි.

මුලින්ම ඔබට මෙම අක්ෂර නෝට්පෑඩ්(notepad) සමඟ නිවැරදිව යතුරු ලියනය කළ හැකිද යන්න පරීක්ෂා කර බලන්න.
එහිදී ඔබට එම වචන නිවැරදිව යතුරු ලියනය කළ හැකි නම්, Office පැකේජය එහි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. Office 2013 පැකේජයේ මෙවැනි වචන යතුරු ලියනය කිරීමේදී යම් යම් ගැටළු ඇතිවන බැවින් එලෙස යාවත්කාලීන කිරීම සිදු කරන්න .

Word 2013 හි ඇතැම් වචන "ර්" අක්ෂරය සමග යතුරු ලියනය කිරීමේදී නිවැරදිව යතුරු ලියනය කිරීමට නොහැකිය. උදාහරණයක් ලෙස "වර්ණ", "වර්ගය" වැනි වචන වල අක්ෂර වෙනස් වේ. මෙම ගැටලුව විසඳන්නේ කෙසේද?

Office පැකේජය Office 2019 වෙත හෝ එහි නවතම අනුවාදයට යාවත්කාලීන කිරීමෙන් ඔබට මෙම ගැටළුව විසඳා ගත හැක.
මෙයට විසඳුමක් ලෙස ඔබට වචන යතුරු ලියනය කිරීමට Google ආදාන මෙවලම් භාවිතා කර, එය නැවත Word වෙත පිටපත් කිරීමට කළ හැක.

  • විවිධ වචන තුලදී සිංහල "ර්" අක්ෂරය මාරුවීම - ප්‍රශ්න

සිංහල "ර්" අක්ෂරය ඇති වචන යතුරු ලියනය කරන විට "ර්" අකුරේ දකුණු පස ඇති ඕනෑම අකුරකින් "ර්" අකුර ස්ථාන මාරු කරයි. උදාහරණයක් ලෙස "දෙපාර්තමේන්තු" වචනය "දෙපාතර්මේන්තුව " ලෙස දැක්විය හැක. තවද web browser වලද මෙවැනි වචන වැරදි ලෙස පෙන්වයි. උදාහරණයක් ලෙස "වර්ගය" වචනය "වගර්" ලෙස දිස්වෙයි. මෙම ගැටලුව විසඳන්නේ කෙසේද?

මෙම ගැටළුව විසඳීම සඳහා, ඔබට ඔබේ පරිගණකයේ නවතම Iskoola Pota අනුවාදය ස්ථාපනය කළ හැකිය.
MS office 2016 හි සමහර පෙර සංස්කරණ සමඟ මෙම ගැටළුව දැකිය හැක. තවද සමහර වෙබ් බ්‍රවුසර වල මෙම වචන වැරදි ලෙස දිස්වේ.
එහිදී "වර්ග" වචනය "වගර්" ලෙසද "අන්තගර්තය" වචනය "අන්තගර්තය" ලෙසද පෙන්වයි.
ඉහත සඳහන් කළ පරිදි, මෙම ගැටළුව විසඳීම සඳහා ඔබට නවතම Iskoola Pota අනුවාදය ස්ථාපනය කළ යුතුය.
Iskoola Pota නවතම අනුවාදය ස්ථාපනය කිරීමේ විස්තරය බැලීමට කරුණාකර පහත සබැඳිය ක්ලික් කරන්න.
පියවර අනුගමනය කිරීමට මෙතන ක්ලික් කරන්න.

  • සිංහල "ඒ" අකුර යතුරු ලියනය කිරීම - ප්‍රශ්නය

සිංහල යතුරු පුවරුව සමඟ සිංහල "ඒ" අකුර යතුරු ලියනය කිරීමේ ගැටලුවක් පවතී. මෙම ගැටළුව විසඳන්නේ කෙසේද?

ඔබ සිංහල "එ" අකුර භාවිතා කරන විට මෙම අකුර සිංහල යතුරු පුවරුව භාවිතයෙන් එකවර යතුරු ලියනය කළ නොහැක.

දැනට මෙම ගැටළුව විසඳීම සඳහා, ඔබට විසඳුමක් ලෙස පහත සඳහන් දෑ කළ හැකිය.

"එ" අකුර යතුරු ලියනය කරන විට එය මුලින්ම "ඒ" ලෙස යතුරු ලියනය කරන්න. ඉන්පසු නැවතත් "හල්කිරිම" ඉවත් කිරීමට backspace යතුර හාවිතා කරන්න.

තවද, ඔබ ඔන්-ස්ක්‍රීන් (On Screen) යතුරුපුවරුවක් භාවිතා කරන්නේ නම්, ඔබට මෙහිදී ගැටලුවකින් තොරව "එ" අකුර ටයිප් කළ හැක.

  • ෆේස්බුක්හි සිංහල වචන වල රකාරංශය, යන්සය සහ රේපය ඩෙස්ක්ටොප් පරිගණකයෙහි නිසි ලෙස නොපෙන්වයි

ෆේස්බුක් ඩෙස්ක්ටොප් පරිගණකය තුලදී සිංහල වචන වල රකාරංශය, යන්සය සහ රේපය සහිත වචනද, සිංහල බැඳී අකුරුද නිසි ලෙස නොපෙන්වයි. උදාහරණය : ක්‍රමය, ශ්‍රාවය, අධ්‍යාපනය, ක්‍ෂය වැනි වචන ෆේස්බුක් ඩෙස්ක්ටොප් පරිගණකය තුලදී නිසි ලෙස නොපෙන්වයි.

මෙම ගැටලුව ෆේස්බුක් හි ඩෙස්ක්ටොප් පරිගණකයෙහි ඇතිවේ. කරුණාකර පහත උදාහරණය බලන්න.
ඩෙස්ක්ටොප් පරිගණකය මතදී - ක්‍රමය, ශ්‍රමය, අධ්‍යාපන යන වචන ක්රමය, ශ්රමය, අධ්යාපනය ලෙස දිස් වේ.
  ජංගම උපාංගවල ඔබ ෆේස්බුක් යෙදුම භාවිතා කරන්නේ නම් හෝ web browser භාවිතා කරන්නේ නම් මෙවැනි වචන නිසි ලෙස දිස් වේ.
අනෙකුත් සමාජ මාධ්‍ය යෙදුම්වල සිංහල අකුරු දර්ශනය වන ආකාරය බැලීමට කරුණාකර පහත සබැඳිය ක්ලික් කරන්න
වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න.

  ** දැනට දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය ලෙස, අපි මෙම ගැටලුව නිල වශයෙන් ෆේස්බුක් වෙත දන්වා ඇත. අපට විසඳුමක් ලැබුණු පසු අපි මේ පිළිබඳව අපගේ වෙබ් අඩවිය සහ ෆේස්බුක් හරහා ඔබට දන්වන්නෙමු.