Local Language Technical Help Centre
අප්‍රේල් 5, 2024

ගෝලීය විශ්ව සම්මුති දිනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි

  • තීක්ෂණ R&D සහ ICANN (පවරන ලද නම් සහ අංක සඳහා අන්තර්ජාල සංස්ථාව) විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද විශ්ව සම්මුති (UA) දිනය 2024 මාර්තු 28 වන දින සවස 5:30 සිට 7:30 දක්වා ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වුණි. 
  • මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා ද ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග මහතා ද සහභාගී වූ අතර ICANN ආයතනයෙහි IGO Engagement APAC & Stakeholder Engagement South Asia හි පරිපාලන උපසභාපති සමීරන් ගුප්තා මහතා සහ ICANNහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.

  • මෙම උත්සවය ගෝලීය වශයෙන් ප්‍රචාරය කරන ලද අතර, දේශීය වශයෙන් ද අමුත්තන් 100 ක් පමණ ආකර්ශනය වූහ.
  • පිළිගැනීමේ කතාව තීක්ෂණ හි අධ්‍යක්ෂ මහාචාර්ය දමිතා කරුණාරත්න විසින් සිදු කරන ලද අතර අනතුරුව ICANN වෙත හඳුන්වාදීම සහ එහි කාර්යයන් සමිරාන් ගුප්තා මහතා විසින් සහ විශ්ව සම්මුතිය පිළිබඳ හැඳින්වීම ICANN හි කලාපීය තාක්ෂණික කළමනාකරු චම්පික විජයතුංග මහතා විසින් සිදු කරන ලදී.
  • සිංහල සහ දෙමළ විද්‍යුත් තැපැල් ලිපින, UA අනුකූල වෙබ් අඩවි සහ EAI සහාය දක්වන සම්බන්ධතා පෝරම ඇතුළත් කිරීම ඇතුළුව UA අනුකූලතා මාර්ගෝපදේශ සහ ශ්‍රී ලංකාවේ විවිධ UA හදාගැනීම් මෙම අවස්ථාවෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.
  • තීක්ෂණ හි COO/CTO සහ ICANN අරමුදල් සහිත දේශීය මුල පිරීම් ව්‍යාපෘතිය, දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ (LLWG) සභාපති හර්ෂ විජයවර්ධන මහතාගේ ස්තුතිය ප්‍රකාශ කිරීමකින් උත්සවය අවසන් විය.