Local Language Technical Help Centre
Search

අපගේ දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයට  ලැබුණු වැදගත් විමසුම් කිහිපයක්

අපගේ දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයට  ලැබුණු වැදගත් විමසුම් කිහිපයක්

තීක්ෂණ R&D ආයතනය ලංකා වසම් අධිකාරියේ සහයෝගිත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි

හැඳින්වීම

තීක්ෂණ  ආයතනය, ලංකා වසම් අධිකාරිය  සමඟ එක්ව ශ්‍රී ලාංකික ජනතාවට සිංහල සහ දෙමළ යුනිකේත භාවිතා කිරීමේදී තාක්ෂණික ගැටළු ඇත්නම් උපකාර ලබා ගැනීම සඳහා දේශීය භාෂා තාක්ෂණික උපකාරක මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඕනෑම කෙනෙකුට අපගේ ක්ෂණික ඇමතුම් අංකය හෝ විද්‍යුත් තැපෑල හරහා මෙම  තාක්ෂණික උපකාර මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ විය හැකිය. පසුගිය වසර කිහිපය තුළ සිංහල යුනිකේත භාවිතය සම්බන්ධයෙන් බොහෝ විමසීම් එයට ලැබී ඇත.

මෙම ලිපියෙන් අපි සිංහල යුනිකේත සම්බන්ධයෙන් නිතර අසනු ලබන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු.

විමසුම් සහ පිළිතුරු

  1. සිංහල  “ර්” අකුර සහිත  වචන වල “ර්” අකුර මාරු වීමේ ගැටලුව: මයික්‍රොසොෆ්ට් Office සහ වෙබ් බ්‍රව්සර්(Web Browser)

“ර්” අකුර සහිත  සිංහල වචන යතුරු ලියනය කරන විට “ර්” අකුර, එම අකුරට දකුණු පසින් ඇති ඕනෑම අකුරක් සමඟ ස්ථාන මාරු කරයි. උදාහරණයක් ලෙස “දෙපාර්තමේන්තුව” වචනය “දෙපාතර්මේන්තුව”ලෙස පෙන්වයි. තවද, වෙබ් බ්‍රව්සර් වල, මෙම ආකාරයේ වචන වැරදි ලෙස පෙන්වයි. උදාහරණයක් ලෙස “වර්ග” වචනය  “වගර්” ලෙස දිස්වීම දැකිය හැකිය.

මෙම ගැටලුව විසඳීම සඳහා, ඔබට ඔබේ පරිගණකයේ නවතම Iskoola Pota අනුවාදය ස්ථාපනය කළ හැකිය. Iskoola Pota හි නවතම අනුවාදය ස්ථාපනය කිරීමේ විස්තරය සහ මෙම ඉහත සඳහන් කරන ලද ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය වෙනත් පියවර බැලීමට helpcenter.lk වෙබ් අඩවියේ පහත ලිපි සබැඳිය බලන්න.

සබැඳිය :  https://helpcentre.lk/installing-the-latest-iskoola-pota-on-microsoft-windows-10-and-11/

2. විවිධ සිංහල යුනිකේත අකුරු පිලිබඳ

“Iskoola Pota” ට  අමතරව  බොහෝ පරිශීලකයින් විසින් භාවිතා කිරීමට ඇති අනෙකුත් සිංහල යුනිකේත අකුරු වර්ග පිළිබඳව විමසා ඇත. භාෂිත ෆොන්ට් ෆැමිලි, දිනමිණ යුනිවෙබ්, සරසවි යුනිකෝඩ් ෆොන්ට්, මලිතිවෙබ්, වර්ණ , සහ තවත් බොහෝ සිංහල යුනිකේත අකුරු එකතුවක් තිබේ.

තවද, Chemmozhi Series සහ SriTamil Font Family වැනි දෙමළ යුනිකේත අකුරු කිහිපයක් ද  තිබේ.

මෙම යුනිකේත අකුරු බාගත කිරීම සඳහා, language.lk වෙබ් අඩවියේ පහත සබැඳිය භාවිතා කල හැකිය.

සබැඳිය  https://www.language.lk/en/download/unicode-fonts/

3. සිංහල බැඳී අකුරු (සංයුක්ත අකුරු ), ස්පර්ශක  අකුරු සහ සඤ්ඤක අකුරු යතුරු ලියනය කිරීම

පරිශීලකයන් අසන තවත්  ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සිංහල “බැඳී අකුරු”, “ස්පර්ශ අකුරු”, “සඤ්ඤක අකුරු” යතුරු ලියනය කරන්නේ කෙසේද යන්නයි. දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ  යූටියුබ් (Youtube) නාලිකාව  මගින් මෙම අකුරු යතුරු ලියනය කිරීම පිළිබඳ වීඩියෝ Iskoola Pota අකුරු භාවිතයෙන් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වීඩියෝ සබැඳි පිළිවෙළින් පහත දැක්වේ.

  • බැඳී අකුරු ලිවීමට  (සංයුක්ත අකුරු )- https://youtu.be/JbHh7750wCc
  • ස්පර්ශ අකුරු ලිවීමට – https://www.youtube.com/watch?v=aAqxN5cFcng
  • සඤ්ඤක අකුරු ලිවීමට – https://youtu.be/BtVpOtRv4Zw

4. ගූගල් ආදාන ක්‍රම(Google Input Methods) භාවිතා කිරීම

දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයට ලැබුණු තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඩිජිටල් උපාංග සමඟ සිංහල භාවිතා කිරීම සඳහා ගූගල් ආදාන ක්‍රම යොදා ගැනීම සම්බන්ධවයි. සිංහල සමඟගූගල් ආදාන ක්‍රම   භාවිතා කිරීමේ විවිධ ක්‍රම තිබේ. ගූගල් හඬ ආදානය  සහ ගූගල් යතුරු පුවරුව භාවිතයෙන් ආදානය ඉන් ප්‍රධාන උදාහරණ වේ. මෙම ක්‍රම සිංහල සමඟ භාවිතා  කරන ආකාරය සවිස්තරාත්මකව දක්වා ඇති  වීඩියෝ කිහිපයක් පහත දක්වා ඇත.

5. ජංගම දුරකථන (ජංගම උපාංග) වල සිංහල භාවිතා කිරීම

මෙයද සිංහල යුනිකේත භාවිතා කරන්නන් අසන ප්‍රධාන ප්‍රශ්නයකි. මෙම ලිපියෙන් අපි ජංගම උපාංග වල සිංහල භාවිතා කරන ක්‍රම කිහිපයක් විස්තර කර ඇත. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා, පරිශීලකයින්ට සිංහල යතුරු ලියනය කිරීමට සහය දක්වන “සැම්සුන් යතුරුපුවරුව” භාවිතා කළ හැකිය. තවද, “හෙළකුරු ” ජංගම යෙදුම ස්ථාපනය කිරීමෙන් ඔබට පහසුවෙන් සිංහල අකුරු  යතුරු ලියනය කල හැකිය. මෙම ක්‍රම දෙකම හඬ ආදානය(voice typing) කිරීමට පහසුකම් සපයයි.

පහත දක්වා ඇත්තේ අපි ජංගම උපාංගවල මෙම ක්‍රම භාවිතා කිරීම සහ ස්ථාපනය කිරීම විස්තර කරන ලිපි සබැඳියකි.

සබැඳිය:  https://helpcentre.lk/knowledgebase/11280/