Local Language Technical Help Centre
Search

සිංහල අකුරු යතුරු ලියනය කිරීමේදී සිදුවන පොදු වැරදි

සිංහල අකුරු යතුරු ලියනය කිරීමේදී සිදුවන පොදු වැරදි

තීක්ෂණ R & D ආයතනය  ලංකා වසම් අධිකාරියේ සහයෝගිත්වයෙන් ඉදිරිපත් කරනු ලබයි

1) “රු”, “රූ”, “රැ” සහ “රෑ” අකුරු යතුරු ලියනය කිරීමේදී සිදුවන පොදු වැරදි

පහත දක්වා ඇත්තේ මෙම අකුරු භාවිතා වන උදාහරණ කිහිපයකි.

  • රු – රුපියල
  • රූ – රූපය
  • රැ – රැය
  • රෑ – රෑ

සිංහලෙන් යතුරු ලියනය කිරීමේදී “රු” සහ “රැ” වැරදි ලෙස භාවිතා විය හැක. උදාහරණයක් ලෙස “රුපියල” –> “රැපියල” ලෙසද, “රූපය” –> “රෑපය” ලෙසද වැරදියට යතුරු ලියනය විය හැකිය.

“රු”, “රූ”, “රැ” සහ “රෑ” අකුරු යතුරු ලියනය කිරීමේ අනුපිළිවෙල

  • “රු” සඳහා

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රු” සෑදීම සඳහා යතුරු පුවරුවේ Q අකුර  යතුරු ලියනය කරන්න.

  • රූ” සඳහා

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රූ” සෑදීම සඳහා යතුරු පුවරුවේ Shift යතුර සමඟ Q අකුර එකවර යතුරු ලියනය කරන්න.

  • රැ” සඳහා

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රැ” සෑදීම සඳහා යතුරු පුවරුවේ E අකුර  යතුරු ලියනය කරන්න.

  • “රෑ” සඳහා

පළමුව R යතුර භාවිතයෙන් “ර” අකුර යතුරු ලියනය කරන්න. ඉන්පසු “රෑ” සෑදීම සඳහා යතුරු පුවරුවේ Shift යතුර සමඟ E අකුර එකවර යතුරු ලියනය කරන්න.

2) ළූණු යන වචනය වැරදි ලෙස සිංහලෙන් යතුරු ලියනය කිරීම විය හැකිය. මෙහිදී භාවිතා වන නිවැරදි අකුර වන්නේ  “ළූ” අකුරයි.

නමුත් එය ළුූණු හෝ  ළුැණු ආකාරයෙන් වැරදියට යතුරු ලියනය විය හැකිය.

3) “ස්‍රැති” වචනය යතුරු ලියනය කිරීම

මෙහි  පිළිගත් වචන ආකෘතිය “ස්‍රැති” වේ. නමුත් මෙම වචනය  උච්චාරණය කරන ආකාරය අනුව මෙය සෘති ලෙස වැරදියට යතුරු ලියනය සිදු විය හැකිය.

4) වචන යතුරු ලියනය කිරීමේ දී එහි අනුපිළිවෙල වැදගත් වේ. උදාහරණයක් ලෙස, “කාර්‍ය්‍යාලය” වැනි වචනය, යතුරු ලියනය කිරීමේ අනුපිළිවෙල වැරදි නම්,  “කාය්‍යාර්‍ලය” ලෙස යතුරු ලියනය විය හැකිය.

උදාහරණය:

  • කාර්‍ය්‍යාලය – මෙම වචනයෙන් පළමුව “යන්සය” යතුරු ලියනය කළ යුතු අතර පසුව “රේපය” සහ පසුව “ඇලපිල්ල” යතුරු ලියනය කළ යුතුය.
  • නමුත් මෙහිදී  “ඇලපිල්ල”  “රේපය” ට පෙර යතුරු ලියනය කරන විට, එය වැරදි වචනයක් නිර්මාණය කරයි.
  • එබැවින්, යතුරු ලියනය කිරීමේ අනුපිළිවෙල වැදගත් වේ.

“කාර්‍ය්‍යාලය” වචනය

  • “කාර්‍ය්‍යාලය” යන වචනය ලිවීමේ නිසි යතුරු පුවරු අනුපිළිවෙල වන්නේ,
  • පළමුව “ක” අකුර  යතුරු ලියනය කරන්න. ඉන්පසු  “ා” ද,  ඉන්පසු “ය” අකුර ද, ඉන්පසු “යංශය” ද, ඉන්පසු “රේඵය” ද, ඉන්පසු “ා” ද,    අවසානයට  “ල”  සහ “ය” ද පිළිවෙලින් යතුරු ලියනය කල යුතුයි.
  • මෙම අනුපිළිවෙල වෙනස් කිරීමෙන් යතුරු ලියනය කරන්නේ නම්, එය  වැරදි වචනයක්  නිර්මාණය කරයි.

“ක්‍රෝධය” වචනය

  • තවත් උදාහරණයක් වන්නේ “ක්‍රෝධය” යන වචනයයි.
  • “ක්‍රෝධය” යන වචනය ලිවීමේ නිසි යතුරුපුවරු අනුපිළිවෙල වන්නේ,
  • පළමුව “‌ෙ” යතුරු ලියනය කරන්න.  ඉන්පසු “ක” අකුර ද, ඉන්පසු “රකාරාංශය” ද, ඉන්පසු  “ා” ද,  ඉන්පසු  “්” ද,  අවසානයට  “ධ”  සහ “ය” ද පිළිවෙලින් යතුරු ලියනය කල යුතුයි.
  • • මෙහි යතුරු ලියන අනුපිළිවෙල වෙනස් කිරීමෙන්ද, එය  වැරදි වචනයක්  නිර්මාණය කරයි.

5) ඉහත සඳහන් කරන ලද කරුණු වලට අමතරව සිංහල යතුරු පුවරුව භාවිතා කිරීමේ මුලික අවස්ථාවන් වලදී ඇතැම් අකුරු වැරදි ආකාරයට යතුරු ලියනය විය හැකිය.

පහත දක්වා ඇත්තේ එවැනි  උදාහරණ කිහිපයකි.

  • “ව” සහ “ච”
  • “ඔ” සහ “ඹ”
  • “බ” සහ “ඹ”
  • “එ”  සහ “ථ”