Local Language Technical Help Centre
ජූනි 9, 2023

විෂයමාලා සංවර්ධන වැඩමුළුව

විෂයමාලා සංවර්ධන වැඩමුළුව

  • මෙම වැඩමුළුව “Universal Acceptance” ව්‍යාපෘතිය යටතේ පවත්වන ලදී. මෙය 2023 ජූනි 7 සහ 8 යන දිනවල SLIDA ආයතනයේදී පෙරවරු 8.45 සිට 12.30 දක්වා පැවැත්විණි.
  • මෙම විෂයමාලා සංවර්ධන වැඩමුළුවේ ප්‍රධාන අරමුණක් වුයේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයේ ධනාත්මක දියුණුවක් ඇති කිරීමට සැලසුම් සහගත, අරමුණු සහිත, ක්‍රමානුකූල ක්‍රියාවලියක් හඳුන්වා දීමයි.
  •  තීක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ විජයවර්ධන මහතා මෙහි ප්‍රධාන සම්පත් දායකයා ලෙස කටයුතු කරන ලදී.
  • SLTC පර්යේෂණ විශ්ව විද්‍යාලය සහ NSBM හරිත සරසවිය මෙම අවස්ථාවට ක්‍රියාකාරීව සහභාගී විය.