Local Language Technical Help Centre
අගෝස්තු 26, 2023

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ නව වෙබ් අඩවිය එළිදැක්වීම

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ නව වෙබ් අඩවිය එළිදැක්වීම

  • සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ නව වෙබ් අඩවිය 2023 අගෝස්තු 25 වැනි සිකුරාදා දින ආයතන පරිශ්‍රයේදී එළිදැක්විණි. මෙය එම ක්‍ෂේත්‍රයේ භාෂා ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
  •  බලංගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය. අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක හිමි, මහාචාර්ය එස්.ජේ.යෝගරාජා, මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය දුෂ්‍යන්ති මෙන්ඩිස්, එම්.ආර්.ඩබ්. මදුම මහතා , හර්ෂ විජයවර්ධන මහතා ඇතුළු සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
  • මෙම වෙබ් අඩවිය තීක්ෂණ R&D ආයතනය විසින් සංවර්ධනය කරන ලද අතර, තීක්ෂණ R&D හි ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ විජයවර්ධන මහතා විසින් මෙම වෙබ් අඩවියේ සංවර්ධනය සඳහා මග පෙන්වීම ලබා දෙන ලදී.
  • මෙමගින් පරිශීලකයින්ට නිවැරදි අර්ථයන් සහ භාෂාමය බුද්ධියෙන් පොහොසත් වචන සහ තොරතුරු එකතුවක් සොයා ගත හැක.